සයුරි අක්කා
මගේ නම රශ්මික. අද කියන යන කතාව උනේ එහා ගෙදර හිටපු සයුරි අක්කත් එක්ක. ගිය සතියේ සයුරි අක්කා බැන්දා. ඒ නිසා තමයි මේ කතාව කියන්න හිතුනේ. මගේ උපන් ගම වැලිමඩ. මම පොඩි කාලේ ඉඳලම හිටියේ එහෙ. දන්න කාලේ ඉඳලම ඉතින් එහා ගෙදර සයුරි අක්කලා අපේ පවුලත් එක්ක හරි එකතුයි. මට අවුරුදු 13ක් වගේ වෙනකොට අපේ තාත්තා රට ගියා. ගෙදර ඉතුරු උනේ මමයි අම්මයි විතරයි. අපේ එහා ගෙදර හිටියේ සයුරි අක්කයි එයාගේ අම්මා, සුමනා ඇන්ටියි විතරයි. සයුරි අක්කාගේ තාත්තා අක්කා පොඩි කාලේම නැතිවෙලා. සයුරි අක්කාගේ අයියා තමයි කොළඹ ගිහින් රස්සාවක් කරලා පවුල බලාගත්තේ. අපි දෙගොල්ලෝම එච්චර පෝසත් අය නෙමෙයි. ඒ නිසා අපෙ අම්මයි එහා ගෙදර සුමනා ඇන්ටියි එකතු වෙලා. පොඩි මල් පැල බිස්නස් එකක් කරා. හැම සතියකම ඉරිදට ඒ දෙන්නා මල් පැල ටිකත් අරගෙන පොලට යනවා. ඉතින් ඒ දවසට ඉන්නේ මමයි සයුරි අක්කයි විතරයි. සයුරි අක්කා ගැන කිව්වොත් , එයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල්. තලෙලු පාට හමක් තියෙන ඇඟ පතත් ගානට තියෙන ලස්සන කෙල්ලෙක්. මම පොඩි කාලේ ඉඳලම දන්න නිසා මගේ අක්කා වගේ තමයි හිටියේ.ඉතින් හැම ඉරිදාම ාම්මයි සුමනා ඇන්ටියි ටවුමට යනකොට මම ඉන්නේ සයුරි අක්කත් එක්ක එයාලගේ ගෙදර. ...